එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අසල සත්‍යග්‍රහයක නිරත විය. හලාවත පිහිටි තම නිවසට ගිනි තැබීමට සම්බන්ධ පිරිස් අත් අඩංගුවට ගෙන විධිමත් පරීක්ෂණයක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළකිරීම එහි අරමුණ විණ.
පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ නිවස ගිනිගැනීම සම්බන්ධයෙන් එතුමා පවසන්නේ එය රජයට සම්බන්ධ පාර්ශවයක් විසින් කරන ලද්දක් බවයි. නමුත් යුධ ජයග්‍රහනයේ ගෞරවය දිනා සිටින, බලයට පැමින වසර 3ක් ගතවුවද ජනප්‍රියත්වය දිනෙන් දිනම ඉහලට යන, අවසාන මැතිවරනයෙන්ද 2/3 ක බහුතරයක් දිනාගත් රජය විසින් මෙවැනි දෙයක් කළායැයි කීම ලෝක විහිළුවකි.
දේශපාලනයේ හය හතර දන්නා කුඩා දරුවෙකු පවා දන්නා පරිදි මෙවැනි දෙයක් කිරීමෙන් එහි දේශපාලන වාසිය ලැබෙන්නේ හානියට පත්වූ පාර්ශවයට මිස විනාශය සිදුකල අයට නොවේ. නිවස ගිනි ගැනීමෙන් දේශපාලන වශයෙන් රන්ගේ බන්ඩාර මහතා සේදී යන්නේද නැත. එතුමාට පෙරට වඩා නවීන නිවසක් දැන් ඉදිවෙමින් පවතියි.
වඩාත් වැදගත් කාරනාව වන්නේ එතුමා එම අවස්ථාවේදී පෙන්වන ලද පුවරු වල දක්නට ලැබුන දේවල්ය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට මඩ ගසන වීඩියෝ නිශ්පාදනය කළ කණ්ඩායමක් වන JDS කල්ලිය තම වෙබ් පිටුවේ මෙය දක්වා ඇත්තේ, හුදෙක් පවත්නා රජයට හෝ මහින්ද මහතාට විරුදධ දෙයක් ලෙස නොව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීමට නිදසුනක් ලෙසය. එසේනම් අන්තර්ජාතික කොටින්ට සහ එහි ගැත්තන්ට සහ ඉත්තන්ට අප රටට එරෙහිව කරන අසත්‍ය ප්‍රචාරයන්ට අමුද්‍රව්‍ය සපයන්නේ අපගේ විපක්ෂය නේද?
පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ නිවස ඔහු කියන පරිදි රජයට සම්බන්ධ පිරිසක් විසින් ගිනි තබන ලද්දේනම් ඒ සඳහා කටයුතු කරන ආකාරයක් තිබේ. අප රට එක්සත් ජනපදයේ මානව හිමිකම් උගුලට අසු වෙන්නට යන මේ මොහොතේ වගකීමක් නොමැති විපක්ෂය කරන්නේ උඩ බලාගෙන කෙල ගැසීමකි.
ස්වාධීන රූපවාහිනිය වාර්තා කරන පරිදි, පාලිත රංගේ බණ්ඩාර මහතා ඔහුගේ නිවස ගිනි ගැනීමට විරෝධය පලකරමින් සත්‍යග්‍රහය කරමින් සිටින විටදී එතනට පැමිනෙන ඔහුගේ නීත්‍යානුකූල (එසේනම් එතන සිටි අනෙක් කාන්තාව නීත්‍යානුකූල නොවන බිරිඳදැ යි අපට ප්‍රශ්නයක් පැනනගී) බිරිඳ නිසා එම සත්‍යග්‍රහය එක්විටම නවතියි. ඇය පවසන ආකාරයට එම දරුවන් රැගෙන විත් තිබෙන්නේ ඔවුන්ගේ කැමැත්තකින් තොරවය. එනම් බලහත්කාරයෙනි. එය එසේනම්, එම සිදුවීම බරපතල දඬුවම් ලැබිය හැකි වරදකි.
එක්සත් ජාතික පෙරමුණේ අරමුණු, පරමාර්ථ හා ප්‍රතිපත්ති වල එක් වගන්තියක් වන්නේ “ජනවාර්ගිකත්වය, ආගමික ඇදහිලි, සංස්කෘතික බැඳීම් කුමක් වුවද සියලූ දෙනාම සමානත්වයෙන් සලකන පරිදි සමාජ සංස්කෘතික නිදහස තහවුරු කිරීමත් ළමා හා කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමත් සමාජයේ විවිධ කොටස්වල අයිතීන් තහවුරු කිරීම” ය. නමුත් අපට පෙනෙන පරිදි එහි ඇමතිවරුම අමු අමුවේම එය උල්ලංඝනය කරන බව පෙනේ.
පාලිත රංගේ බණ්‌ඩාර මහතාට බිරියන් දෙදෙනෙක් සිටීම ගැන “කොළ පැහැති රුධිරය” ඇති රනිල්ගේ කොල්ලන්ට පැවසුව විටදී ඔවුන් පවසන්නේ රජයේ ඇමතිවරුන්ද එසේ බවය. නමුත් මමනම් එවැනි කිසිවක් දැක හෝ අසා නොමැති අතර, මෙම වීඩියෝවෙන් පාලිත රංගේ බණ්‌ඩාර මහතාගේ හුටපටයනම් කදිමට සාක්ෂිත් සමගම දැක්වේ. එසේම මෙය එතුමාගේ පුද්ගලික ප්‍රශ්නයක් බවද සමහර රනිල්ගේ කොල්ලන් පවසයි. එය සැබෑවකි, නමුත් ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් ආදර්ශමත් ලෙස ජීවත් විය යුතුය.
මෙවැනි ගිනි තැබීම් අතීතයේදීද දක්නට ලැබුනි. "සිරස" ගිනිතැබීම ඒ අතරින් ඉතාමත් හාස්‍යජනක සිද්ධියකි.පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මෙන්ම වෙනත් රූපවාහිනී ආයතන වල සිද්ධීන්ද වාර්තා කරන "සිරස" ට තම ආයතනයට බෝම්බ ගසා යනතුරු වීඩියෝ කිරීමට නොහැකි විය. එමෙන්ම බෝම්බ ගැසුවද , වෙඩි තැබුවද කාටවත් තුවාල සිදු වූයේද නැත. එම කාලයේදී සිරසෙහි රක්ෂණ කාලසීමාවද අවසන් වෙමින් පැවතුනි. මෙයත් එවැන්නක් නොවේද?
දරුවන් ඉදිරියේදී, තම නීත්‍යානුකූල බිරිඳ හෙවත් දරුවන්ගේ මව ලෙස වෙනත් කාන්තාවක්ව තබාගෙන ලෝකයා ඉදිරීයේදී (අ)සත්‍යග්‍රහ කරමින් තම දරුවන්ගේ ඉදිරි අනාගතයට ගිනි තබන්නට තරම් පහත් තත්ත්වයකට වැටී ඇති පාලිත රංගේ බණ්ඩාර මහතා, තම නිවස තමා විසින්ම ගිනි තබාගෙන එය මහින්දගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කළේ නැතැයි කාට කිව හකිද?
තම දරුවන්ව රටේ ජනධිපති වරයාට විරුද්ධව දේශපාලන වාසි තකා උසිගැන්වීමට තරම් දේශපාලනමය වශයෙන් බංකොලොත් වී සිටින එක්සත් ජාතික පක්ෂය, තව මොන මොන නාඩගම් නටයිදැයි ඉදිරියේදී අපිට බලාගත හැකිය.
Wednesday, 4 November 2009
රංගේ බණ්‌ඩාර මහතාගේ නිවස ගිනිගැනීම සම්බන්ධ හෙළිදරව්ව
2009-11-04T09:07:00-08:00
Ranga Jayawardene
UNP|
Subscribe to:
Post Comments (Atom)
HELAHADA News Cloud
2010
ABC
Act
Alcohol
Anoma Fonseka
Anurakumara Dissanayake
Arjuna Ranathunge
Army
Arrest
Australia
Ban Ki-moon
Betray
Blogger
Blogspot
Born
British
Broiler
Bruce Fein
Candidate
case
Channel 4
china
CIA
citizenship
Civil Defence Force
Conspiracy
constitution
Courts
cricket
Crusifiction
David Miliband
Defence
Democracy
Disqualification
Dream
Dual
Dummies
Eelam Comedy
Eelam War
Effect
election
End Ltte
English
facebook
Fast Track
Fonseka
Fonsi
Foreign Minister
Fredrica Jansz
Funding
future
Games
Geneva
Genocide
Gotabaya
Gotabaya Rajapaksa
Government
green card
Helahada
Helahada Video
heroes
History
human rights
humanitarian efforts
Independence
international
Internet
Invitation
Iran Sri Lanka President
January 26 2010
joint effort
JVP
Karuna Amman
Kongahage
Lakshan Bandara
Last Chance
Leader
lost
Lt. Gen D.L Kobbekaduwa
LTTE
LTTE Zionist
Mahinda Rajapaksa
Mahinda Samarasinghe
Major General Shavendra Silva
Mangala
Media Crimes
MIA
military
Mission
mother lanka
Mother Sri Lanka
motherland
Motive
mule
muslim
Nalin de Silva
National Flag
Navanetham Pillay
New World Order
News
NGO Crimes
Obama
Opposition
Osama
Parliament Election
Partiality
past
peopleofSri Lanka
petition
petty gifts
Philip Alston
Policy
Political
Political Jokes
Political Refugee Club
Politicals
Politics
poll
Prabhakaran
present
presidential
Presidential Election
Public
RajRathnam
Rally
Ranil
Ranil Wickramasinghe
Results
Rohana Wijewera
Sanath Jayawuriya
Sarath
Sarath Fonseka
Sarath Fonseka Video
Sarath Koongahage
SBS
sell votes
SF
SINHALA
Sinhala Language
Sirasa TV
SL Air Force
SL Army
SL Navy
SL Police
Snake
Somawansa
sports
SPUR
Sri Lanka Rohana Baddage Bandula Wijeweera sinhala master artist Mama Mage Sudu Benandi Presidential Election harmony village song politics
Sri Lanka
Sri Lanka Army
Sri Lanka President Election
Sri Lanka University
Sri Lanka War Heroes
Sri Lankan Expatriates for National Integration SLENI UK New Zealand Sweden USA AUSTRALIA LTTE Fonseka Rajapaksa Lakshan Bandara Canada
Sri Lankan Politics
Sri Lankan War
Sri Lnka
story
Suicide
Sunday Leader
Supreme Court
Tamil
Tamil Diaspora
Tamil News
tatoo
Tea Cup
terrorism
The Political leadership
Tilvin Silva
Tours
Translator
triumph
United Nations
UNP
UNP Election Business Politics
US
USA
Websites
Wimal Weerawansa
woman
World
World News
ධාර්මික රාජ්‍ය පාලනය
මහින්ද රාජපක්ෂ





